“හැටන් පොලිස් කොට්ඨාශයේ විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන් අදාල පොලිස් ස්ථානවලින් බොහෝ විට මා වෙත ඉදිරිපත් කරනවා එත් කියන්න සතුටුයි මේ වන තෙක් මා පරික්ෂාවට ලක් කරන ලද දැරියන් අතරින් මෙම ගේබ්‍රියල් බාලිකා විදුහලේ එකම සිසුවියක් හෝ හමුවි නැහැ.”
දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය
නිලධාරිනි ඉනෝකා රත්නායක මහත්මිය මේ බව පවසන
ලද්දේ හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විදුහල විසින් සංවිධානය කරන ලද පුංචි සිත්තරා චිත්‍ර ප්‍රදර්ශයේ සහතික
පත් ප්‍රධානය කිරිමේ උත්සවයක් අමතමිනි.
හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරියන්ගේ ව්‍යාපෘතියක් ලෙස හැටන් ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් අතර පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශනයේ සහතිකපත් ප්‍රධානය කිරිම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු වෛද්‍ය ඉනෝකා රත්නායක මහත්මිය ,
“හැටන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහල හැටන් අධ්‍යාපන කලාපයේ පවතින එකම බාලිකා විදුහල මෙන්ම
මධ්‍යම පළාතේ එකම බාලිකා ජාතික පාසලයි. මෙහි ඉගෙනුම ලබන කිසිම දැරියක් මේ වන තෙක් යම් අතවරයකට ලක්ව පොලිසිය මගින් මා වෙත ඉදිරිපත් කර නැහැ. එයට ප්‍රධාන හේතුව තමයි මෙම පාසල තුල පවතින විනය.බාලිකා පාසලක් තුලින් අධ්‍යාපනයට පමණක් මුල් තැන නොදි හොදින් හැදෙන ආකාරය පිළිබඳවත් මුල සිටම හදුන්වා දිම පිළිබඳව මෙම විදුහලේ ඉගෙනුම ලබන මේ දැරියන්ගේ දෙමාපියන් වන ඔබලාද සතුටට පත් විය යුතුයි.
කාන්තාවකට පොත පතේ දැනුම කොතරම් තිබුණත් වැඩක්
නැහැ හොද බිරිඳක් හොද මවක් හොද ගෘහනියක් වෙන්න බැරිනම් ඒත් මෙම බාලිකා විදුහල තුලින් මේ සියලුම දේ
මෙම දැරියන්ට මුල සිටම වටහා දිම මතයි මෙම විදුහලේ දැරියන් මෙතෙක් විවිධ අතවරයන්ට ලක් නොවි ඉතාමත්
හොදින් තම කටයුතු කර ගෙන යනු ලබන්නේ.
මෙම ප්‍රදේශයේ බොහෝ දැරියන් කාන්තාවන් විවිධ කායික හා ලිංගික අතවරයන්ට ලක්ව මෙම ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින් මා වෙත යොමු කරනවා මෙසේ විවිධ කායික
හා ලිංගික අතවරයන්ට ලක්වන සමහර දැරියන් සමහර කාන්තාවන් තම ජිවිතද විනාශ කර ගැනිමට පෙලඹෙනවා.
මේ දැරියන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබ හොදින් ඉගෙන ගන්නවා වගේම හොද කාන්තාවක් හොද මවක් ලෙස විවිධ තනතුරු දරමින් මෙම විදුහලේ කීර්තිනාමය ලොවට හඩගා කියන ලෙසයි ඔබ හොද රැකියාවක් කරමින් හොද මවක් හොද බිරිඳක් හොද ගෘහනියක් ලෙස ලොව බබලවන විට
ඔබත් බැබලෙනවා ස්ථිරයි.”
මෙහිදී හැටන් අධ්‍යාපන කලාපයේ සංවර්ධන අධ්‍යාපන අධ්‍යක්ෂ නෙරංජන් අගුණාවල දික්ඔය රෝහලේ වෛද්‍ය පුනර්ජිවනි, මස්කෙළිය රෝහලේ වෛද්‍ය ෆස්ලාන් ශා/ගේබ්‍රියල් බාලිකා විදුහලේ විදුහල්පතිනී දයා වීරතුංග යන මහත්ම මහත්මින් ඇතුළු කිහිප දෙනකුම මෙහිදී කතා කරන ලදි.