වස මිශ්‍රිත ජලය පානය කළ නාරම්මල මයුරපාද කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 6 දෙනෙකු ප්‍රතිකාර සඳහා නාරම්මල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් වන අතර එම ශ්‍රේණියේම ඉගෙනුම ලබන සිසුවියක විසින් ඇය සමඟ අමනාප දරුවන්ගේ වතුර බෝතල් වලට වස මිශ්‍ර කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ .
එම දැරිය ද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටින බව සඳහන් වේ.
නාරම්මල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරනු ලබයි .
 
	    	



























 
		    

















