English
සිංහල
23:16 සඳුදා, ජූනි 1, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාතාල සාමාජිකයාගෙන් වැද සමාව ගන්නා ලෙස STF නිලධාරියාට නියෝගයක්.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාතාලය මැඩලීමට රජය බොහෝ ප්‍රයත්න දරන බව  ඔවුන් ගත් ක්‍රියාමාර්ග අනුව පෙනී යනවා.එයට ආරක්ෂක අංශ කැපවීමෙන් කටයුතු කළ ද  ඇතැම් උසස් නිලධාරීන් ගේ පාතාල සම්බන්ධතා නිසා ජන ජීවිතය බොහෝ අඩාල වී තිබෙන බව පසුගිය කාලයේ වාර්තා වූවා .ආරක්ෂක අංශ වල කැපවීම මෙන්ම දූෂිත ක්‍රියා ද අනාවරණය කිරීමට අප බොහෝ අවස්ථාවල කටයුතු කළේ ජනතාවගේ සුභසිද්ධිය උදෙසාය. දිනෙන් දින පාතාල සාමාජිකයින්ගේ වෙඩි පහරට ලක්ව මිය යන ප්‍රමාණය ඉක්මවීමට හේතුපාදක ලෙස  පොලිස් විශේෂ කාර්ය බලකායේ  ඇතැම් නිලධාරීන් පාතාල සාමාජිකයින්ගේ කොන්ත්‍රාත්තු බාර ගැනීම   යනුවෙන්  අර්ථකථනය කළ හොත් නිවැරදිය. අප ඒ පිලිබඳව මීට පෙරද වාර්තා කර තිබේ. අප එසේ පලකල සමහර පුවත් මේ වන විට සත්‍ය වී තිබේ.

    මේ සියලුම සිද්ධින් මෙසේ සිදුවන අතරතුර දිනෙන් දින රටේ පරපුර විනාශ වෙමින් පවතින අතරතුර එම විනාශ වූ පරපුරෙන් ම තරුණ ප්‍රජාවන් ආරක්ෂක අංශ වල සේවයට පැමිණෙමින් සිටි. එය අනාගතයේ තවත් දැවැන්ත විනාශයන් කරා රට තල්ලු කිරීම සිදුවනු ඇත.

    එවන් වටපිටාවක් තුල පොලිස් විශේෂ කාර්ය බලකායේ මධුසංඛ නැමති කොස්තාපල් වරයෙකුට  පාතාල සාමාජිකයන් ඉදිරියේ දණ ගසා සමාව අයැදීමට නියෝග ලබාදීම පිළිබඳව තොරතුරක් අප වෙත අනාවරණය වි තිබේ. වාර්තාවන ආකාරයට පසුගිය වසරේ නොවැම්බර් මස 26 වැනිදා අහුන්ගල්ල,වැලිකන්ද දුම්රිය  මාර්ගය ආසන්නයේ මාර්ග බාධකයක් යෙදීමට පොලිස් පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගෙන තිබුණි. එම අවස්ථාවේ එතැන පසු කිරීමට පැමිණි කොස්ගොඩ සුජී ගේ ප්‍රධාන ගෝලයෙක් බව කියන රංග නමැති පුද්ගලයෙකු පරික්ෂා කිරීමට මධුසංඛ නමැති කොස්තාපල් කටයුතු කර තිබේ. පරික්ෂා කිරීමෙන් අනතුරුව කිසිවක් හමු නොවූ හෙයින් “දැන් පලයන් පොඩ්ඩක් පරිස්සමින් හිටපන්”යනුවෙන් එම පුද්ගලයා ප්‍රකාශ කල බව කිය වේ.

    එසේ පැවසීමට හේතු පාදක වූයේ වසර කිහිපයකට පෙර ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ව සිට පැමිණි ඔහු ප්‍රදේශයේ අණසක පැතිරීමට පටන් ගෙන තිබූ බවින් බවද වාර්තා වුවත් සැබවින්ම එම ගිනි අවි ඔහුගේ නොවන ඒවා විය හැකිය. නිවැරදි මිනිසුන් පාතාලයන් බවට පත්කරන්නේ මෙරට සමහර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් බවද අප විටින් විට වාර්තා කර තිබේ.

    ඔහුට අයත් බව කියන ඉඩමක තිබී ක්ලේමෝ බෝම්බයක් ද ආරක්ෂක විසින් අංශ විසින් සොයා ගත් බවද කිය වේ. නමුත් ඔහුගේ ඉඩමට ඒවා වෙනත් කෙනෙක් ගෙනත් දැම්මාද විය හැකිය. තමන්ගේ ඉඩමේ ක්ලේමෝ තබාගැනීමට තරම් පාතාල සාමාජිකයන් කටයුතු කරවී යයි සිතිය නොහැක.

    කෙසේ නමුත්  රංග එතැනින් නික්ම ගොස් සුළු  වේලාවකට පසුව එතැනට පැමිණි එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරි විදුර දිසානායක,සහකාර පොලිස් අධිකාරී කුමාර ඇතුළු පිරිස පොලිස් කොස්තාපල් මධුසංඛ  කැටුව වැලිකන්ද කරවල වාඩියේ ප්‍රදේශයේ පිහිටි රංග ගේ නිවස වෙත ගොස් තිබේ.

    එහිදී උසස් නිලයන් ගේ අණ මදුසංඛ වෙත ලැබුනේ දණගසා රංග ගෙන් සමාව ගන්නා ලෙස බව සදහන් වේ. ඔහු එසේ සමාව නොගත් නමුත් උසස් නිලධාරීන්ගේ තර්ජන හමුවේ “වරදක් වුනා නම් සමාවෙන්න “යනුවෙන් ඔහු පවසා තිබේ. කෙසේ නමුත් මෙම සිද්ධියට සාක්ෂි ලබා දීමට අහුන්ගල්ල පොලිසියේ එවකට ස්ථානාධිපතිවරයා සූදානම් බවට වන සාක්ෂිය අප වෙත ලැබී තිබේ.

    මේ අතර ගාල්ල බන්ධනාගාරයේ සති කීපයකට උඩදී පුද්ගලයකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල විය .එය පාතාල සිදුවීමක් යැයි අර්ථ දක්වා යට ගැසීමට බොහෝ පිරිස් කටයුතු කළෝය .නමුත් එම සිදුවීම සුජීගේ බලය රැගෙන බන්ධනාගාර තුළ රැඳ වියන්ට තාඩන පීඩන කිරීම හේතුවෙන් කුපිත වූ දෙදෙනකුගේ පහරකෑමක් බව ටද තොරතුරු ලැබී තිබේ. එම දෙදෙනා මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තිබේ.

    එහෙත් ආරක්ෂක අංශයක උසස් නිලධාරියකුගේ අණින් ඔවුන් හෝ ඔවුන්ගේ පවුල්වල පිරිස ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවටද තවත් තොරතුරක් අප වෙත ලැබී තිබේ. එහෙත් එම සැලසුම අක්‍රීය වූ නිසා  ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියෙකුට ස්ථාන මාරුවීමක් ද ලැබී තිබේ.

    ආයුධ ප්‍රහාරය එල්ල කල පුද්ගලයන් දෙදෙනාගේ නිවෙස් වල තොරතුරු මේ වන විට අප වෙත ලැබී තිබේ. ඒ අනුව දකුණු පළාතේ බලය ලබා ගැනීමට සුජීට අත් උදව් ලබා දෙන පොලිස් විශේෂ කාර්ය බලකායේ පාතාල නිලධාරියා කවුද යන්න සෙවීම ආරක්ෂක අංශ වල වගකීම වේ. කෙසේ නමුත් එය සුජි අල්ලා ගැනීමේ උපක්‍රමයක්ද විය හැකිය. නමුත් උපක්‍රමය තුළ සාමාන්‍ය මිනිසුන්ට හෝ පාතාල සාමාජිකයන්ට හෝ තර්ජන ගර්ජන හෝ ජිවිත හානි සිදු නොවිය යුතුය.

    ඒ අතර කොළඹ බාන්ස් පෙදෙසේ කෝටි ගණනක් වටිනා ඉඩමකට හොර ඔප්පු සාදා එම නිවැසියන් එළියට ඇද දැමීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සමන්විත  කණ්ඩායමක් කටයුතු කිරීම පිළිබදව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශනයක් ආරම්භ වී තිබෙන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

    තවද ස්වාමීන් වහන්සේ නමක් සමඟ පැමිණ ආයතන හිමිකරුවෙකු පැහැරගෙන යාම පසුගියදා දෙමටගොඩ පොලිසියෙන් වාර්තා විය. එතැනට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනකු  අත්අඩංගුවට ගෙන ඔවුන් ගේ වැඩ තහනම් කිරීමට පියවර ගත්තේ නීතිය සැමට එකක් බව ප්‍රත්‍යක්ෂ කරමින් ය. එහෙත් එම සිදුවීමේ තෝරු මෝරු නිදැල්ලේ බවද වාර්තා වේ. ස්වාමීන් වහන්සේ කාගේ කවුද? එතැනට පැමිණි අනෙක් නිලධාරීන් කවුද? පැමිණි වාහනය කුමක්ද ? ඒවා සියල්ලම යටපත්ව තිබෙන බවද වාර්තා වේ. එම ආයතන පරිශ්‍රයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමෙන් ඒ සියල්ල හඳුනාගත හැකි බව දෙමටගොඩ පොලීසිය නිලධාරීන් පවසති. කෙසේ නමුත් අහිංසක මිනිසුන් පාතාලයන් බවට පරිවර්තනය කරනා පොලිස් සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට මෙම ආයතන වැනසීමට ඉඩ ලබා දිය යුතු නොවේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ මේ වන විට විශාල නිලධාරීන් පිරිසක් ඉවත්ව යාමට ලිපි  භාරදී අවසන්  බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග අනාවරණය කරති. එසේ යාමට හේතුව කුමක්ද? බලධාරීන්ගේ  අවධානය කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ අවධානය  යොමුවිය යුතුය. පාතාලය මැඩලීම පසෙකලා පාතාලයන් කිරුළු පැලඳීමට උත්සාහ දරන පොලිස්  විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරින් සෙවිය යුතුය. එසේම අප පලකරන පුවත් කිසිදු ආකාරයක ආරක්ෂක අංශ වලට හානිදායක නොවන නමුත් ඒවායේ නීතිවිරෝදී ලෙස කටයුතු කරනා පුද්ගලයන් ඒවාට වග කිව යුතුය. එසේ වුවහොත් පමණක් අදාළ ආයතනවල ගරුත්වය සුරැකෙන බව බුද්ධිමත් උදවිය ඉතාම හොදින් දනී.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවතවිශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version