රාගම පොලිස් වසමේ රාගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
ඊයේ (15) උදෑසන කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මරණය සිදුව ඇති බවට පොලීසිය පවසයි.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීම අනතුරට හේතු වී ඇති බව සදහන්.
මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන ලා කහ පැහැති කමිසයකින් හා කොට කලිසමකින් සැරසී සිටි අයෙකි.
මෘතශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































