මේ වන තෙක් මෙරටට රැගෙනවිත් ඇති විශාලතම ෆයිසර් එන්නත් මාත්‍රා තොගය අද (02) උදෑසන දිවයිනට ලඟා වී ඇත.
එන්නත් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර එලෙස රැගෙන විත් ඇති එන්නත් ප්‍රමාණය ,එන්නත් මාත්‍රා 1,503,450ක් බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ.
මෙම එන්නත් මාත්‍රා තොගය ගබඩා කිරීම සඳහා නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.












































