රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දොස්තර අජිත් මෙන්ඩිස් මහතා පත්කර ඇති බව වාර්තා වේ.
විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා එම තනතුරින් ඉවත් කර ඇති බව සදහන්.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති අජිත් මෙන්ඩිස් මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.













































