බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලේ උපුල් දෙනිය,මුස්ලිම් කටුකෑලියාව සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
අනුරාධපුර පුත්තලම ඒ 12 ප්‍රධාන මාර්ගයේ මහබුලන්කුලම ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමකදී මෙම ලොරි රථ 2 ක සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් ලොරි රථයක එළුවන් 89 සහ එළ ගවයින් 7 ක්, සිටි බවත් අනිත් ලොරියේ එළ ගවයින් 9 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවත් පොලීසිය සඳහන් කර තිබේ.
එළුවන් සහ ගවයින් ප්‍රවාහනය කල ලොරි රථය කිලිනොච්චිය ප්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවත්, එළ ගවයින් 9 ක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සෙට්ටිකුලම සිට කොළඹ කොච්චිකඩේ දක්වා ගමන් කරමින් තිබූ බවත් පොලිසිය පවසයි.














































