මෑතකදී සිට දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වන ගෑස් ආශ්‍රිත සිදුවීමි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කරන ලදී.
ඒ අනුව මේ වන විට එම කමිටු සාමාජිකයින් එවැනි සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදු කර ඇත.
පසුගිය 30 වනදා සාමාජිකයින් 08 දෙනෙකුගෙන් යුතු විමර්ශන කමිටුවක් ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලැබුවේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් වාර්තා වූ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ පරීක්ෂා කිරීමට සහ ඒවා වළක්වා ගැනීමට අවශ්‍ය පියවර නිර්දේශ කිරීම සඳහාය.
අදාළ කමිටු නියෝජිතයින් විසින් ජනපති උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් ද සමග එම නිවෙස් වෙත ගොස් සොයාබලා ඇති බව වාර්තා වේ.













































