පවතින වියළි කාලගුණයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මහනුවර, මොණරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජලය බෙදා හැරීම මේ වනවිටත් මුර ක්‍රමයක් යටතේ සිදු කෙරෙන බවයි.
කුරුණෑගල නගරයට ජලය බෙදා හැරීම ද සීමා කිරීමට සිදුව ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.













































