නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බවට මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වූ බව වාර්තා වේ.
මේ අනුව ඒ පිළිබද මෙන්ම ආර්ථික ගැටලු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස කමිටු නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මේ අතර සිමෙන්ති හා යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවෙසක් සෑදීමට මීට පෙර වැය වූ ලක්ෂ 12 ක පමණ මුදල මේ වන විට ලක්ෂ විසි හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහූ පවසති.














































