රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙම කේරළ ගංජා තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරු භාරයට ගත් බවත් උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථාන ගත කිරීම් වෙත්තලකේනි ආයතනය රාත්‍රී කාලයේ දියත් කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය සොයා ගත් බවත් නාවික හමුදාව පවසා තිබේ.
මෙහිදී එම ඩිංගි යාත්‍රාවේ තිබී උර තුනක පාර්සල් 61 ක අසුරන ලද, කේරළ ගංජා කිලෝ 130 ග්‍රෑම් 600 ක් පමණ තොගයක් තිබී සැකකරු සමග භාරයට ගෙන ඇති බව සදහන්.
වයස අවුරුදු 44 ක් වන සැකකරු යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගෙන තිබේ.
එම සැකකරු කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මරදන්කේනි පොලිසියට භාර දුන් බව ද නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































