ආරක්ෂක දුර්වලතා පිළිබඳ කනස්සල්ල මත චීනයේ නිෂ්පාදිත උපාංග භාවිත කිරීම ඉන්දියාව මෑත මාසවලදී දේශීය මිලිටරි ඩ්‍රෝන නිෂ්පාදකයින්ට තහනම් කර ඇති බව වාර්තා වේ .
දේශීය නිෂ්පාදිත ඩ්‍රෝන හමුදාවේ අවශ්‍යතා සපුරාලීමට බලාපොරොත්තු වන බැවින්, ඩ්‍රෝනවල සන්නිවේදන ක්‍රියාකාරකම්, කැමරා, ගුවන්විදුලි සම්ප්‍රේෂණ සහ මෙහෙයුම් මෘදුකාංගවල චීනයේ නිෂ්පාදිත කොටස් තිබීම මඟින් බුද්ධි තොරතුරු රැස්කිරීම් අවදානමට ලක්විය හැකි බවට ඉන්දියාවේ ආරක්ෂක ප්‍රධානීන් කනස්සල්ලට පත්ව තිබෙන බව රොයිටර් පුවත් සේවය සඳහන් කර තිබේ .
න්‍යෂ්ටික සන්නද්ධ අසල්වාසීන් අතර ආතතීන් මධ්‍යයේ සහ නවදිල්ලිය මිනිසුන් රහිත ඩ්‍රෝන යානා සහ අනෙකුත් ස්වයංක්‍රීය උපාංග වැඩි වශයෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරන පසුබිමක මෙම පියවර ගෙන තිබේ .















































