සමහර FB Group වල තාක්ෂණය හා පහසුකම් තියන රටවල් වල වෛද්‍ය වරුන් ලංකාවේ වෛද්‍ය වරුන්ට වඩා හොඳ වෙන්න ඕනෙ නේද ? වගේ කුකුසක් යන පෝස්ට් දැකල මේ දත්ත ටික දාන්න හිතුනෙ.
රට සෞඛ්‍යය ඒ රටේ ආර්ථික හැකියාව හා ඒ රටේ වාර්ෂික සෞඛ්‍යය වියදම මත තීරණය වන එකක් නොවේ. මොනතරම් නවීන තාක්ෂණය තිබුණත් ඒ රටේ මානව සම්මත හා ඒ අයගේ නිපුණතා (skills) උසස් මට්ටමක නොවේ නම්, රෝග නිවාරණ (Preventive) හා රෝග සුවකිරීම(Curative) යන අංශවල කාර්‍යක්ෂමතාව උසස් මට්ටමක නොවී නම් සමස්තයක් ලෙස ඒ රටේ සෞඛ්‍යය දර්ශක තාක්ෂණය හා ආර්ථික හැකියාව අනුව උසස් වන්නේ නැත.
ඇමරිකාව නැත්නම් USA ලෝකයේ වැඩිම ඒක පුද්ගල සෞඛ්‍යය වියදම දරන රටයි. (ඇ.ඩො 11702.41) විද්‍යා තාක්ෂණික දියුණුව අතින් ඉතා උසස් මට්ටමක සිටියත්,
👉ඔවුන්ගේ 2023 Health index score එක 73.3 කි.
👉ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන Health index score එක 76.6 කි.
(Health index score එක වැඩිම රට වන සිංගප්පූරුව 86.9 ලෙස ඔවුන්ගේ අගය රඳවාගෙන සිටී. ඔවුන්ගේ ඒක පුද්ගල සෞඛ්‍යය වියදම ඇ.ඩො 3537කි)
ඇමරිකාවට වඩා ඉහල score එකක් ඇති ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍යය වියදම ඇ.ඩො 151.07 කි. එය ලොව 122 තැනයි.
👉ඊට සාපේක්ෂව ඇමරිකාවේ සෞඛ්‍යය වියදම 77 ගුණයකින් ඉහළය.
අංක එකේ රටවන සිංගප්පූරුව ශ්‍රී ලංකාවට සාපෙක්ෂව 23 ගුණයක මුදලක් සෞඛ්‍යයට වියදම් කරයි.
එතරම් අඩු වියදමකින් ඇමරිකාව ඉක්මවූ දියුණු සෞඛ්‍යය මට්ටමක් අප රටට අත්කර දෙන්නෙ වෛද්‍ය වරුන්, හෙදියන්, වින්නඹු, පරිපුරක වෛද්‍ය, අතුරු වෛද්‍ය ආදී අංශ අපගේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ මානව සම්පතයි.
කරන වියදමට සාපේක්ෂව උපරිම සෞඛ්‍යය දර්ශක රඳවන රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා රටකි. ඒ අනුව මෙතරම් අඩුපාඩුකම් මැද පවා අපේ රටේ කාර්‍යක්ෂම පොදු ජන සේවය වන්නේ සෞඛ්‍යය සේවය ලෙස අපට නම් කළ හැක.
මෙරට දේශපාලකයන්, ඔලමොට්ටල ආර්ථික විශේෂඥයන් මේ රටේ ජනතාවට බංකොලොත් රටක්, ආර්ථිකයක්, ජීවන තත්ත්වයක් උදාකර දී ඇති විට,මෙරට සෞඛ්‍ය සේවාව ඔවුන්ට සියලු අඩු පාඩුකම් මැද ඇමරිකාවට වඩා හොඳ සෞඛ්‍යය සේවයක් ලබා දී ඇත.
නිසි ප්‍රතිපාදන, දිරිගැන්වීම්ව් හා විශේෂඥයන් ලබාදුන් සැලසුම් ක්‍රියාත්මක කලා නම් අපේ සෞඛ්‍යය මට්ටම සිංගප්පූරුවේ සෞඛ්‍යය මට්ටමට ගෙනයාමට ඔවුන් ඊට වියදම් කරන මුදලින් 10 පංගුවක්වත් වැය වන්නේ නැත.
පොදු ජනතාව කළයුතු දෙය වන්නේ රට බංකොලොත් කළ දේශපාලකයන්ගේ ගුන්ඩු වලට රැවටී තමාට ලැබී ඇති නිදහස් සෞඛ්‍ය වනසා ගැනීම නොව
තමාගේ වෛද්‍යවරයා, හෙදිය ආදී මෙරට සෞඛ්‍යය සේවාදායකයන් හා එක්ව නිදහස් සෞඛ්‍යය හා ජීවත්වීමේ අයිතිය රැක ගැනීමයි.
වෛද්‍ය රුවන් ජයසූරිය