කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මාස 8 ක බිළිඳෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර බිළිඳාගේ මව්පියන් චෝදනා කරන්නේ තම දරුවාට ලබා දුන් එන්නතකින් අනතුරුව සිදු වූ අසාධ්‍ය වීමකින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී බිළිඳා ජීවිතක්ෂයට පත් වූ බවයි.
වාර්තා වන ආකාරයට මෙම දරුවා නිතර උණ රෝගයෙන් පෙළීම නිසා අගෝස්තු මස 4 වන දින ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කර තිබේ. පසුව බිළිඳා වැඩි දුර ප්‍රතිකාර සඳහා අගෝස්තු 5 වන දින කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහල වෙත මාරු කර යවා තිබේ.
එහිදී ලබා දුන් එන්නතකින් පසුව දරුවා අසාධ්‍ය වූ බවත් , පසුව දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කළ බවත් , දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 19 වනදා බිළිඳා ජීවිතක්ෂයට පත් වූ බවත් බිළිඳාගේ මව්පියන් ප්‍රකාශ කර තිබේ.
බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේ දී ඊයේ (20) සිදු කෙරුණු බව සඳහන්.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවිස්සාවේල්ල , ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි මාස 8ක් වයසැති බිළිඳෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කර තිබෙන්නේ මෙම බිළිඳාගේ මරණය සහ පසුගියදා කැළණිය ප්‍රදේශයෙන් වාර්තා වූ මරණය සම්බන්ධයෙන් අද (21) දිනයේ කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බවයි.















































