හැටන් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල මේ වන විට පවතින වියළි කාලගුණික තත්ත්වයන් මත එම ප්‍රදේශයට බෙදා හරිනු ලබන පානීය ජල පහසුකම් සීමා කිරිමේ අවධානමක් හට ගෙන ඇති බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වු හැටන් ජල මණ්ඩලයේ නිලධාරියකු ප්‍රකාශ කරන ලද්දේ මෙම ප්‍රදේශයට පවතින වියළි කාලගුණික තත්ත්වය මත හැටන් නගරයට ජලය සපයනු ලබන සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ වන විට දැඩි ලෙස පහළ බැස ඇති බවයි.
මෙම වියළි කාලගුණික තත්ත්වයන් ඉදිරියටත් පැවතියහොත් හැටන් නගරයේ ජල පාරිභෝගිකයන්ට සපයනු ලබන ජලය සීමා කිරිමට සිදුවන බවත් , එම තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර මේ වන විට සපයනු ලබන ජලය ඉතා පරිස්සමින් පරිහරනය කරන ලෙසට ප්‍රදේශයේ සියලු ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කරන ලදී .














































