අද (22) සිට 25 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග සහ සංචාරක කටයුතු පනත යටතේ නියමයන් අද (22) දින විවාද කොට සම්මත කර ගැණෙනු ඇති .
එමෙන්ම ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග ,වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග හෙට දින විවාදයට ගැනීමට නියමිත බව සදහන්.
තවද අනිද්දා දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක්ද පැවැත්වෙනු ඇති .













































