උතුරු කොරියාව මෙම මස තුළ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කර ඇති බවත් , මේ සම්බන්ධයෙන් ජපානයේ වෙරළාරක්ෂක බළකායට දැනුම් දී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කලාපය තුළ වර්ධනය වන එක්සත් ජනපද මිලිටරි ක්‍රියාකාරකම් හේතුවෙන් ඔත්තු චන්ද්‍රිකාවක් ලෙස මෙය නිපදවා ඇති බවත් , අදාළ චන්ද්‍රිකාව පසුගිය මැයි මාසයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණත් එම උත්සහය අසාර්ථක වූ බවත් , එය ඉදිරි සතිය තුළ අභ්‍යවකාශගත කිරීමට තීරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































