පෞරාණික වටිනාකමක් ඇති බව කියන පිඟානක් ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙකු මාතලේ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බඩ පොලිසියට අනුයුක්තව රාජකාරි සිදු කරන පොලිස් සැරයන්වරයෙකි.
මෙම සැරයන්වරයා පෞරාණික වටිනාකමක් තිබෙන බව පවසන මෙම පිඟාන පුද්ගලයෙකුට ලබා දී ලක්ෂ 25ක මුදලක් වංචා කර ඇති බව සදහන්.
පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරන්නේ මෙම වංචාවට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු ද මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.














































