වංචා දූෂණ චෝදනා හේතුවෙන් වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිටව විදේශගත වී සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා යළි තායිලන්තය බලා පැමිණි අතර එසේ පැමිණීමත් සමඟ ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත යොමු කර පසුව බන්ධනාගාරගත කළ බව වාර්තා වේ.
තක්ෂින් ෂීනවාත්‍රා සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. ඔහුට එරෙහිව 2006 වර්ෂයේ දී දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් බලය අහිමි විය. ඒ , හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවයි. එහිදී තක්ෂින් බලයෙන් නෙරපා දැමූ අතර ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය , බලතල අවභාවිත කළේ යැයි චෝදනා කරමින් තහනම් කෙරුණි. තක්ෂින් ෂිනවාත්‍රා අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු තායිලන්තයෙන් පිටුවහල් වී විදේශගත වීමට තීරණය කරන ලදී. නමුත් තක්ෂින් නොමැති වූවත් බැංකොක් අධිකරණ විසින් ඔහුට වසර 2ක සිර දඬුවමක් ද ලබා දී තිබුණි.
තක්ෂින් යළි තායිලන්තයට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ අතර ඒ අනුව තක්ෂින් ෂිනවාත්‍රා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණිමත් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.















































