ඊයේ (22) උදෑසන ඊසානදිග පාකිස්ථානයේ කේබල් කාරයක සිරවූ ළමයින් ඇතුළු පිරිස හෙලිකොප්ටර් යානයක් යොදාගෙන පැය 12 ක් පුරා ක්‍රියාත්මක වූ මෙහෙයුමකින් අනතුරුව පාකිස්ථාන යුද හමුදා කොමාන්ඩෝ සෙබළුන් විසින් බේරාගෙන තිබෙන බව වාර්තා වේ.
මෙම කේබල් කාර් රථය පොළොවේ සිට අඩි 900ක් ඉහළින් නතර වී තිබූ අතර එහි ළමයින් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකු සිරවී තිබුණි.
මෙම පිරිස කයිබර් පක්තුන්ක්වා හි බට්ටාග්‍රාම් දිස්ත්‍රික්කයේ පිහිටි දොරුවක් පසුකරයාම සඳහා මෙම කේබල් කාරය භාවිත කර තිබූ අතර උස් කඳුකරයේ සිට පහත් බිමක පිහිටි පාසලක් වෙත යමින් සිටියදී මොවුන් මෙම අනතුරට මුහුණ දී තිබුණි. පසුව පාකිස්ථාන භාරකාර අගමැතිවරයාගේ නියෝග පරිදි අදාළ පිරිස මුදා ගැනීම සඳහා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
මෙහිදී දිවා කාලයේ මෙහෙයුම සඳහා හෙලිකොප්ටර් යානා යොදා ගෙන තිබූ අතර අතර රාත්‍රී කාලයේ දී අදාළ මෙහෙයුම් අත්හිටුවීමට සිදුව තිබුණි. අනතුරුව කේබල් කාරය ඇදවැටීම වැළැක්වීමට කේබල් යොදා ආරක්ෂාව තර කර තිබූ අතර ඉතිරි පිරිස් මුදාගැනීම ඉන් අනතුරුව ආරම්භ වූ බව සඳහන්.















































