මේ වසර අවසානය වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
කෝප් කමිටුව හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී මෙරට පළමු පෙළේ විශ්වවිද්‍යාල 05ම පසුබෑමට ලක්ව ඇති බවයි.













































