අකුණු සැර වැදීමෙන් දස හැවිරිදි දරුවකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
නවමැදගම, දියවිද්දාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකු මෙලෙස මියගොස් ඇති බව සදහන්.
සිය පියා සමග කුඹුරේ අස්වැන්න නෙලීම සඳහා දස හැවිරිදි දරුවා සහ ඔහුගේ හය හැවිරිදි බාල සොහොයුරා ගොස් තිබේ.
එහිදී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දරුවන් දෙදෙනා කුඹුරට යාබදව කෝන් ගසක් මත ඉදිකර තිබූ පැළක නැග සිට තිබෙන අතර පැළට වැදුණු අකුණක් හේතුවෙන් මෙම දරුවා මියගොස් ඇති අතර හය හැවිරිදි දරුවා ඇති වූ දැඩි කම්පනය නිසා ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.














































