උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව,මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ අධික උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අධික උණුසුම හේතුවෙන් විජලනය,මස්පිඩු පෙරළීම,අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
එම ප්‍රදේශ වල ජනතාව වැඩබිම් තුළදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථාන වල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සුදු හෝ ලා පැහැති ඇදුම් අදින ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇති බව සදහන්.