ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන බව කියන ජිලේ නැමැත්තාගේ සොහොයුරා ඇතුළු තිදෙනෙකු බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුල්ලේරියාව සහ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.
නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යන මුවාවෙන් බියගම ප්‍රදේශයේ සැඟව සිටින බවට බියගම පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට පොලීසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බයක් , හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හත්සිය විස්සක් සහ අයිස් මිලිග්‍රෑම් හතලියක් ද හමුවූ බව අනාවරණය වේ.
මෙම මත්ද්‍රව්‍ය ජාලයේ තවත් සාමාජිකයින් මීට සති කීපයකට ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.