රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධවල බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇති බවත් , එය බරපතළ අවදානම් තත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.
වැඩි දුරටත් අදහස් පල කළ විපක්ෂනායකවරයා ,
“රටපුරා බොහෝ රෝහල් වල නිර්වින්දන ඖෂධ නැහැ.නුවරඑළිය රෝහල ඊට උදාහරණයක්.ශල්‍යකර්ම කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තව කාලය නැහැ. ශල්‍යකර්ම නතරවීම සම්බන්ධයෙන් රජය දෙන විසඳුම කුමක්ද. “