පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ වැටුප් මුදල් කොල්ලකෑ පිරිස සොයා ගල්නෑව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
රාජකාරි අවසන් කර සිය පෞද්ගලික යතුරුපැදියෙන් නිවසට යමින් සිටියදී ගලේවෙල මාර්ගයේදී නාදුනන කණ්ඩායමක් විසින් මෙම නිලධාරියාට පහර දී ඔහු සතුව තිබූ ජංගම දුරකථනය හා වැටුප් මුදල් බව කියන රුපියල් පනස් අට දාහක් කොල්ලකා පලා ගොස් ඇති බව සදහන්.
පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු ගල්නෑව පොලිසිය විසින් සිදුකරනු ලබයි.