ගැබිණි මව්වරුන් සඳහා රජය විසින් නොමිලේ දෙන පෝෂණ මල්ල ඉදිරියේදී තෝරාගත් මව්වරුන්ට පමණක් නිකුත් කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මීට පෙර මෙම පෝෂණ මල්ල කිසිදු භේදයකින් තොරව සියලුම ගැබිණි මව්වරුන්ට නිකුත් කළ නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයක දී එය අත්හිටුවා තිබුණි.














































