නව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ලබන (28) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.
1989 වසරේ අගෝස්තු මස පළමු වනදා සහකාර රේගු අධිකාරවරයෙකු වශයෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ඇති සීවලී ආරුක්ගොඩ මහතා මේ වන විට අවුරුදු 34ක සේවා කාලයක් සපුරා ඇති බව සඳහන්.
රේගු නීතිය සහ ඒවායේ ක්‍රියාපටිපාටිය පිළිබඳ හසල දැනුමක් ඇති ඔහු වර්තමානයේ සේවය කරනු ලබන්නේ රේගු මිල පිරික්සුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසයි.
තවද ඔහු බෙල්ජියමේ ලෝක රේගු සංවිධානයේ වරලත් විශේෂඥ පුහුණුකරුවෙකු ලෙසද සේවය කරමින් සිටින බව සඳහන්.














































