English
සිංහල
04:40 බදාදා, ජූලි 1, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    නෙත් FM බැලුම්ගල චාමිකට මරණ වරෙන්තු.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රටකට අපරාධකරුවන් බිහිවන්නේ මිනිසුන්ට සාධාරන ලෙස ජීවත් වීමට අවශ්‍ය පරිසරය නොමැති වු විට ජීවත් වීම වෙනුවෙන් බොහෝ  දේ සිදුකරති. විශේෂයෙන්ම සාමකාමී පරිසරයක් තුළ ජීවත් වීමට සියලුම දෙනා කැමතිය. එය නොමැති වූ විට සාමකාමී මිනිසුන්ද අපරාධරකරුවන් බවට පත් වේ. අප රට තුළ තිබෙන්නේ අපරාධකරුවන්ට පවා ජීවත් වීමට නුසුදුසු පරිසරයකි. රාජ්‍ය තන්ත්‍රය තුළින්ම අපාරධකරුවන් බිහිවෙමින් සිටී. රාජ්‍ය තන්ත්‍රයේ බොහෝ පිරිස් රටට අපරාධකරුවන් දායාද කරමින් සිටී. එවන් රටක මාධ්‍යවේදීන්ට පවා තම ජීවිතය පරදුවට තබා ජීවත්වීමට සිදු වේ. මේ එවැනි කතාවකි. මාධ්‍යවේදියා නිසාම හඳුනාගත් ආරක්ෂක අංශ හා සමීප සබඳතා නිසා නොමග ගිය පාතාල අපරාධකරුවන් මාධ්‍යවේදියෙකුගේ සාධාරන ලෙස දෙපාර්ශවයක් වෙනුවෙන් පෙනී සිට එහි නොපෙනුන පැත්තක් නිසා මරණ වරෙන්තුව ලියාගත් මාධ්‍යවේදියෙකු පිළිබඳව ලියැවෙන සත්‍ය කතාවකි.

    නෙත් FM බැලුම්ගල වැඩසටහන මෙහෙයවන චාමික යනු රටම දන්නා පුද්ගලයෙකි. රූපයෙන් චාමික යනු කවුරුන්ද යන්න නොදන්නා වුවත් බැලුම්ගලේ චාමික කියන විට කවුරුත් ඒ නම හොඳින් හඳුනා ගනී. ලංකාවේ ත්‍රස්තවාදය, පාතාලය, මත්ද්‍රව්‍ය, පිරමීඩ සහ  විවිධ වංචා, දූෂණ, අක්‍රමිකතා   මෙන්ම සමාජයීය ප්‍රශ්න පිළිබඳව රටට වැඩදායී තොරතුරු රට වෙනුවෙන් ඉදිරිපත් කරනා ඔහුට ද මේ වන විට මරණ තර්ජන එල්ල වී තිබේ.

    බුද්ධිමත් මාධ්‍යවේදීන්ට මෙන්ම කාලයක් මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන එල්ල වන්නේ ඉතාම අල්ප වශයෙනි. මාධ්‍යවේදීන්ගේ ප්‍රධාන භූමිකාව වන්නේ හඬක් නැති අයට හඬක් වීමයි. සමාජයේ සිටිනා මහා ධානපතියන්ට පවා අසරණභාවය දැනේ. එවිට ඔවුන් වෙනුවෙන් ද පෙනී සිටීමට පුද්ගලයෙක් සිටිය යුතුය. ඔවුන් වෙනුවෙන් ද පෙනී සිටින්නේ මාධ්‍යවේදියාමය. සමාජයේ ‘මුර බල්ලා’ යන ප්‍රසිද්ධ අන්වර්ථ නාමය මාධ්‍යවේදියාට ලබා දී තිබෙන්නේ එනිසාය. ඉන් කියැවෙන්නේ මාධ්‍යවේදියා යනු ඕනෑම පුද්ගලයෙකුගේ ආරක්ෂකයා වන බවයි.

    එවන් වටපිටාවක් තුළ වුවත් ශ්‍රී ලංකාවේ පමණක් නොව දූෂිතම රාජ්‍යයන් තුළ සිටිනා සැබෑ මාධ්‍යවේදීන්ට මරණීය තර්ජන තිබේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම උදෙසා ද කණ්ඩායමක් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හෝ වෙනත් නීත්‍යානුකූල ක්‍රමවේදයන් ඔස්සේ ඔවුන්ව ආරක්ෂා කරගැනීමට ක්‍රමයක් නොතිබුණත් ඔවුන් වෙනුවෙන් ද යම් කණ්ඩායමක් සිටී. එබැවින්, ශ්‍රී ලංකාව කෙතරම් දූෂිත වුවත් ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වාම සැබෑ මාධ්‍යවේදීන් ආරක්ෂා කරනා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ නායකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ සිටීම පිලිබඳව ද අප සතුටු විය යුතුමය.

    එවැනි වටපිටාවක් සහිතව නෙත් FM බැලුම්ගලේ චාමික ද කිසිම අපහසුවකින් තොරව තම කටයුත්ත රට වෙනුවෙන් ඉදිරියට කරගෙන ගිය ද, ඔහු තම ක්ෂේත්‍රය තුළදී කිසිම ආකාරයක දූෂිත කටයුත්තක් සිදු කර නොමැති බව ඔහුගේ වටපිටාව පරීක්ෂා කිරීමේදී අවබෝධ වේ. එවන් වටපිටාවක් තුළ විටින් විට පාතාල කණ්ඩායම් කිහිපයක්ම චාමිකට මරණ වරෙන්තුව ලියුවේය. ඒ ඔවුන්ගේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ සැලසුම් පවා ඔවුන් තුළටම උපක්‍රමශීලීව ඇතුළු වී කාලයක් සිට පසුව අවශ්‍යම අවස්ථාවේදී අනාවරණය කිරීම නිසාය. කෙසේ වෙතත් කිසිදු බියකින් සැකයකින් තොරව චාමික සිය රාජකාරිය අකුරටම කරනු ලැබුවේ රටේ සුභසිද්ධිය හා බහුතර ජනතා සුභසිද්ධිය උදෙසාමය.

    කාලයක් සිට තිබූ මෙම තර්ජනකාරී වටාපිටාව වර්තමානයේදී යම් සිදුවීම් දෙකක් සමඟ යළි මතුව නැගී ආවේ චාමිකගේ ජීවිතයට ද කිසිදු බියකින් තොරව මරුවන් කිට්ටුවන වටාපිටාවක් තුළයි. අප ඒ පිළිබඳව දීර්ඝ ගවේශනයක යෙදුණු අතර අප සොයා ගත් තොරතුරුවලට අනුව නෙත් FM බැලුම්ගල චාමිකට අලුතින්ම මරණ වරෙන්තු දෙකක් ලියැවී තිබුණි. ඒ රාජකාරී සහ  පෞද්ගලික කාරණා දෙකකටය. 

    බැලුම්ගල චාමිකට වෘත්තිය නිසා මරණ වරෙන්තු.

    පාතාල අපරාධකරුවන්ට එරෙහිව අභීතව ඉදිරිපත් වී සාක්ෂි සාධක සහිතවම වගකිවයුත්තන්ට, ආරක්ෂක අංශ අවධානයට නෙත් FM බැලුම්ගල වැඩසටහන ඔස්සේ එන චාමිකට වරින්වර අවස්ථා ගණනාවකදී මරණ තර්ජන එල්ල වී තිබුණි. ඒ මාකඳුරේ මධූෂ්, දූනගහ සුජී, දෙමටගොඩ චමින්ද, දෙමටගොඩ රුවන්, පස් පොඩ්ඩා, වැල්ලේ සුරංඟ, ඌරු ජුවා සහ තවත් එකීමෙකී නොකී පාතාලයන්ගෙනි. ඒ පිළිබඳ චාමිකව දැනුවත් කිරීමට පොලිස් විශේෂ කාර්‍ය බලකා බුද්ධි කොට්ඨාසය, යුද හමුදා බුද්ධි බලකාය, කොළඹ අපරාධ කොට්ඨාසය, මිරිහාන විශේෂ විමර්ශන අංශය විටින් විට කටයුතු කොට තිබුණි. නමුත් ඒ සෑම තොරතුරකටම අදාළ අංශවලට කටඋත්තර ලබාදුන් චාමික පසුදා සිටම ආයෙත් එවැනිම අපරාධ හෙළි කළේ රටට ජනතාවට ඇති ආදරය නිසා බව සහ ඔහුගේ  රැකියාව ඔහු නිසි ලෙසම කළ බව බුද්ධිමත් ප්‍රජාවට හිතන්නට යමක් ඉඩ තබමිනි.

    එහෙත් මෙවර ඔහුට එල්ල වූ මරණීය වරෙන්තුව සෑහෙන දුර ගිය සිද්ධියක් වී ඇති බව අප හට දැනගැනීමට ලැබුණේ එක් ආරංචි මාර්ගයකින් පමණක් නොව යම් පුද්ගල ඝාතන සමඟමය.

    2022/01/18 වන දින නෙත් FM බැලුම්ගල වැඩසටහනින් හෙළිකළ ජාගොඩගේ තනූජ සම්පත් නොහොත් හඳපාන්ගොඩ හඳයා සම්බන්ධ සිද්ධිය වර්තමානයේ නෙත් FM බැලුම්ගල චාමිකට මරණ වරෙන්තුව කැන්දන කරුණු හෙළිකිරීමක් විය. එහිදී හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම හඳයා විසින් ජයටම කරගෙන යන බවත් , ප්‍රදේශය පුරා භීතිය වපුරමින් පහරදීම්, කපාකොටා බරපතල තුවාල සිදුකිරීම් ද සිදුකොට ඇති බවත් එදින බැලුම්ගලින් හෙළිකොට තිබුණි.

    ඊට අමතරව අදාළ හෝමාගම ප්‍රදේශයේ චමිල නම් පුද්ගලයෙකුට මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය නිළධාරියාට ද හඳපාන්ගොඩ හඳයාගේ කුරුමානම වැටී තිබෙන බවට ද තොරතුරු හෙළිවිය.

    අදාළ 2022/01/18 නෙත් FM බැලුම්ගල වැඩසටහන නම්කොට තිබුණේ “STF එකටත් ගහන හෝමාගම පොලීසියටත් පගා දෙන හඳයා” නමිනි.

    අදාළ වැඩසටහන පහතින් ,

    ඒ සමඟම හඳයා නීතියට භාර වූ අතර ඉන් පසු වසර එකහමාරක් වැනි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී තිබුණි. එහිදීද සිය ඉලක්කය වන ඉහත කී ඝාතන බන්ධනාගාරය තුළ සිටිමින්ම සැලසුම් කරන බව නෙත් FM බැලුම්ගල චාමිකට ලැබුණු තොරතුරු අනුව 2023/02/22 වන දිනද බැලුම්ගල අනාවරණයක් සිදුකළ අතර එහිදී  චාමික හඳයාගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී හඳයාගේ මරණ තර්ජනය සෘජුවම චාමිකටද එල්ල වී තිබුණි. එහිදී චාමිකගේ සාක්ෂි සාධක සහිත ප්‍රශ්න කිරීම් හමුවේ හඳපාන්ගොඩ හඳයාට චාමිකට මරණ තර්ජන කොට තිබුණේ “උඹ මොකා උනත් මට කමක් නෑ . මම මුලින්ම මරන්නේ උඹව” යනුවෙනි. එය ඉහත දිනයේ බැලුම්ගල වැඩසටහනින් විකාශය කළ අතර එහිදී ද චාමික තමාට එල්ලවූ මරණ තර්ජනයටත් වඩා CI ධර්මප්‍රිය නිළධාරියාට හා හෝමාගම චමිල නම් පුද්ගලයාට එල්ලවූ මරණ තර්ජන සම්බන්ධයෙන් උලුප්පා දක්වමින් කරුණු ඉදිරිපත් කළේ සිය ජීවිතය පවා නොතකා රට සහ රටේ මහජන ආරක්ෂාව වෙනුවෙන් අංක 01ටම ඉදිරිපත් වන්නේකු බව රටටම පෙවමිනි.

    අදාල 2023/02/22 නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන නම්කොට තිබුණේ “හඳපාන්ගොඩ හඳයා යළි නැගිටියි – රට වටේටම මරණ තර්ජන” යන මැයෙනි.

    අදාළ වැඩසටහන පහතින් ,

    ඉන් අනතුරුව මෑත දිනකදී හෝමාගම ප්‍රදේශයේ චමිල නම් පුද්ගලයාව නිවසටම ගොස් වෙඩි තබා ඝාතනය කිරීමට හඳපාන්ගොඩ හඳයා කුලී හේවායන් යොදවා තිබුණි. ඒ අනුව චමිල නම් පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ නෙත් FM බැලුම්ගල චාමිකගේ ජීවිතය පිළිබඳව ද ඇත්තේ ඉතාම අවදානම්සහගත තත්ත්වයක් බව අපට පෙනෙන්නට තිබේ.

    අදාළ තත්ත්වය පිළිබඳව අවස්ථා කිහිපයකදීම චාමික ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති මහජන සහන මැදිරියට පැමිණිලි කොට තිබූ බව අප කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණි. අවසානයේදී එම පැමිණිල්ලේ වැඩිදුර පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකොට තිබූ අතර, ඔහු විසින් එය පහළට එවා ඇත්තේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහාය. ඒ පිළිබඳ අපහට තොරතුරු ලැබීමත් සමඟ අප කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයකට අදාළ පැමිණිල්ල වැඩිදුර පරීක්ෂණ පැවරී තිබුණු බවයි. එහෙත් එම පැමිණිල්ල වැඩිදුර විමර්ශනය විය යුත්තේ සංවිධානාත්මක අපරාධ පිළිබඳ වූ විමර්ශන අංශයකින් බව අපගේ අදහසයි. එබැවින් තවමත් චාමිකගේ ජීවිතය පිළිබඳව එල්ලවී ඇති අවිනිශ්චිත තත්ත්වය පිළිබඳව නිසි සාධාරණයක් මෙම සිද්ධියට වී නොමැති බව පෙනී යන කරුණකි. රටේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන මාධ්‍යවේදී විරුවෙකුගේ තත්ත්වය මෙසේ නම් සාමාන්‍ය ජනතාවගේ තත්ත්වය කෙබඳුදැයි මෙම සිද්ධිය දෙස බැලීමේදී කොයි කාටත් පෙනීයන කරුණක් වනු ඇත. මූල්‍යමය කරුණු මඟින් හෝ අපරාධමය කරුණු සොයන්නේ නම් එය ගැටලුවක් නොවේ.

    අපරාධයක වින්දිතයන් හා    සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිළිබඳව වූ ජාතික අධිකාරියට ද මෙම තත්ත්වය පිළිබඳව චාමික විසින් පැමිණිළි කළ බව එහි ප්‍රකාශකයෙකු අප හට තහවුරු කරනු ලැබීය.

    මේ අයුරින් අප අදාළ ජනමාධ්‍යවේදියාට එල්ලවී ඇති තත්ත්වය පිළිබඳ රටේ මෙවන් සිද්ධීන් පිළිබඳ විමර්ශන කරන ආරක්ෂක අංශවලින් කරනු ලැබූ සොයා බැලීම්වලින් දැනගන්නට ලැබුණේ අදාළ ජනමාධ්‍යවේදියාට එල්ලවී ඇති මෙම තත්ත්වය ඉතාම ශෝචනීය එකක් බවයි.

    එම කරුණ සම්බන්ධයෙන් අපට ද පැවසිය හැක්කේ පටු ලාභ ප්‍රයෝජන තකා කටයුතු කරන ජනමාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින අයවලුන්ට වඩා නෙත් FM බැලුම්ගල චාමික වැනි, දිවි දෙවැනිකොට රට ජාතිය වෙනුවෙන් ගවේශනාත්මක මාධ්‍යවේදයේ යෙදෙන සැබෑ වීරයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය මීට වඩා කාර්‍යක්ෂම වියයුතු බවයි. නමුත් ශ්‍රි ලංකාවේ ආරක්ෂක සේවයන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න චාමික වැනි පුද්ගලයන් හඳුනා නොගෙන සිටීම තවත් එක් පැත්තකින් හොඳය. දැන් හෝ එය හඳුනා ගැනීමෙන් “ නෙත් FM  බැලුම්ගලට තවත් දෙයක් කිරිමට අවශ්‍ය දෙනෙත් විවර කර තිබේ. එනම් ආරක්ෂක අංශවල දුෂිත ක්‍රියාවන් ද  අනාවරණය කිරීමය.

    චාමිකට ගමේදී වූ දේ.

    මේ පිළිබඳව ද මුලින්ම කිව යුත්තේ රටේ වගකිව යුතු ආරක්ෂක අංශ නෙත් FM බැලුම්ගල චාමිකව ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි. චාමික පමණක් නොවේ. සියලුම මිනිසුන් ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම වුවත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිනා මිනිසුන් සුරැකීම ඔවුන්ගේ තවත් ප්‍රමුඛතම වගකීමක් වේ.

    ඔහුගේ පාසල් වයසේ සිට සිටි හොඳම යහළුවෙකු නිසා ඔහුට තවත් මරණ වරෙන්තුවක් නිකුත් වී තිබේ. එම මිත්‍රයා වන්නේ සමන් කුමාර පිටිගල නම් පුද්ගලයෙකි.

    චාමික ජීවත් වන්නේ බස්නාහිර පළාතේ යම් ගම් ප්‍රදේශයකයි. එම ප්‍රදේශය යම් යම් කාල වකවානුවලදී පාතාල රාජධානියක ලකුණු ලියවී තිබුණ ප්‍රදේශයකි. නිසිමග නොගිය පුද්ගලයන් මෙන්ම විවිධ ආසාධාරනකම් වලට මුහුණ දෙන පුද්ගලයන් ද චණ්ඩින් වන අතර අවසානයේ ඔවුන්ටත් නොදැනීම ඔවුන් පාතාල ලෝකයට ඇදගෙන යන්නේ බලය වෙනුවෙනි. ඔවුන් තම බලය රැක ගැනීම වෙනුවෙන් එක එකා මරා දමමින් සටනට අවතීර්ණ වන්නේ ඔවුන්ගේ නූගත්කම නිසාය. තවත් අවස්ථාවක ඔවුන්ට යා යුතු මග යාමට අවශ්‍ය නියම දර්ශනය නොලැබීම නිසා තවත් ප්‍රබල යැයි සම්මත මිනිසුන් අතින් සිදුවන අසාධාරණකම් නිසාය. මේවාට වගකිව යුත්තේ යහපත් මිනිසුන් නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තියක් සැකසු නැති මෙරට සිටි පාලකයන්ය.

    තම හොඳම යාළුවෙකු නිසා මරණ වරෙන්තුව ලියාගෙන සිටින බැලුම්ගල චාමිකට පැටලෙන මෙම සිද්ධියේ මුල්ම ප්‍රබල සිදුවීම සිදු වන්නේ 2018 ගංවතුර සමයේදීය. එම කාල වකවානුවේදී චාමිකගේ මිත්‍රයා වාහන දෙක තුනකින් සමන්විත Rent a Car එකක් පවත්වාගෙන ගොස් තිබුණේ සිය මිත්‍රයකු වූ සම්පත් නම් පුද්ගලයකුගේ ද  මිත්‍ර සහයද ඇතිවය.  අනෝරා වැසි දිනකදී මෙම ප්‍රදේශය ගංවතුර ආපදාවකට ලක්විය. එහිදී සම්පත් නම් පුද්ගලයා සමන් එපා කියද්දීත් සමන්ගේ වෑන් රථයක් ගංවතුරේම පදවාගෙන යන අතර ටික දුරකදී වෑන් රථය කාර්මික දෝෂයකට ලක්වී ඇත.

    ඉන් පසුව රථය පැදවූ සම්පත්, සමන්ට රථය අලුත් වැඩියා කිරීම සඳහා ගරාජයකට දමන ලෙසත්, එහිදී යන වියදම් සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන  බවටත් පොරොන්දු වී ඇත. ඒ අනුව සමන් සිය වෑන් රථය ගරාජයකට දැමුවේ  එය ඉක්මනින් අලුත්වැඩියා කොට යළි සිය ආයතනයේ සේවයේ යෙදවීමටයි. එහෙත් තත්ත්වය නරක අතට හැරීමට පටන් ගන්නේ දින, සති, මාස ගණන් ගෙවුණද සම්පත්ගෙන් සමන් හට වෑන් රථය අලුත්වැඩියාවට ලබා දෙනවා යැයි කී මුදල් ලැබී නොමැති තත්ත්වයක් තුළයි. එහිදී ගරාජයේ අව්වට වේලී වැස්සට තෙමී දිරනා වෑන් රථය සමන් විසින් සාදා ඇත්තේ බූරු ගැසීම් වලින් දිනූ මුදල් හා පොළියට ගත් මුදල් එකතු කරමිනි. එහිදී ඔහුට ඒ සඳහා ලක්ෂ දහයක් – දොළහක් පමණ වැයවී තිබූ අතර, එලෙස පිළිසකර කළ වෑන් රථය සමන් විසින් විකුණා දමා ඇත.

    ආරවුල ආරම්භ වන්නේ එතනිනි. සමන් සිය වාහනය සෑදීමට සෑහෙන මුදලක් වියදම් වූ බවත් , ඒ නිසා පොරොන්දු වූ ලක්ෂ දෙකක මුදල තමාට අවශ්‍ය බවත් සමන් විසින් සම්පත්ට පවසා ඇත. එහෙත් එය දිගින් දිගටම නොසලකා හැරි සම්පත් පසුව “දෙන්නෙ නෑ. පුළුවන්නම් ගනින්.” යන තර්ජනකාරී තත්ත්වය දක්වාම සිද්ධිය වර්ධනය කොට ඇත.

    මේ කාලයට පෙර චාමිකගේ හොඳම පාසල් මිතුරකු වන සමන් කුමාර පිටිගල ද අවස්ථා කිහිපයකදී  විවිධ ප්‍රශ්න සමඟ පැටලී තිබුණ ද විශාල ප්‍රශ්න ඔහුගේ නම ඉදිරියේ ලියැවී තිබුණේ නැත. එවන් වටාපිටාවකදී සමන්ද සම්පත්ගේ මෙම ක්‍රියාව ඉතාම අසාධාරණ බවත් , එනිසා තමන්ට අනිවාර්යයෙන්ම පොරොන්දු වූ මුදල් තමාට අවශ්‍ය බවත් අවස්ථා කිහිපයකදී සමන් විසින් පවසා ඇත. එහෙත් සම්පත් එම මුදල් සමන්ට ලබාදීමට කටයුතු කළේ නැත.

    එතනින්ද නොනැවතුනු සම්පත් සමන් හට පාතාල කෙරුමන්ගේ තර්ජන ද එල්ල කරවන ලදී. ඒ අදාළ ප්‍රදේශයම භීතියෙන් යටපත් කරගෙන සිටින දිනූෂ් නුවන්ත නොහොත් කළුවා යන පුද්ගලයා හරහාය. එම පුද්ගලයා කළුවා, ඒඩින් කළුවා, කුම්බදූවේ කළුවා සහ මීගහතැන්නේ කළුවා යන අන්වර්ථ නම්වලින්ද හඳුන්වන කලවාන සර්පයාගේ කල්ලියේ, කුම්බදූවේ නිලංගගේ සහ කුම්බදූවේ බුද්ධිලගේ ළඟම ප්‍රහාරාත්මක සඟයන් බව ද විවිධ තොරතුරු පෙන්වා දෙයි.

    වාහනය ගරාජයට දැමූවත් එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ගරාජයට අත්තිකාරම් මුදලක් ඉල්ලූ අවස්ථාවේ දී සම්පත් ලබාදෙන්නම් කී ලක්ෂ දෙකක මුදල ඉල්ලූ අවස්ථාවේ සිට ඇති වූ ආරවුල චාමිකගේ යාළුවා කපා කොටා ඝාතනය කර, චාමිකද තවත් එක් අයෙකුට ද මරණ වරෙන්තුව නිකුත් වීම දක්වා දුර දිග යන සිද්ධියක් බවට මේ වෙද්දිත් පත් වී තිබේ.

    වරින් වර මුදල් ඉල්ලීමේදී එය කරදරයක් කරගත් වෑන් රථය පැදවූ යාළුවා “මම සල්ලි දෙන්නෙම නෑ.උඹට පුළුවන් දෙයක් කරපන්” ලෙස ප්‍රකාශ කර තිබේ. එයින් ද නොනැවතී මේ සම්පත් නම් පුද්ගලයා ප්‍රදේශයේ දාමරිකයකු වූ කළුවා ලවා සමන්ට විවිධ අවස්ථාවන්වලදී තර්ජනාත්මක දුරකථන ඇමතුම් පවා ලබා දී තිබේ. ටිකෙන් ටික උඩු දුවනා මෙම ප්‍රශ්නයේ බැරෑරුම්කම තේරුම් ගැනීමට චාමිකට වැඩි වේලාවක් ගත වන්නේ නැත. එබැවින් නිරන්තරයෙන්ම ඔහුගේ ප්‍රශ්න විසඳීමේ නීත්‍යානුකූල ක්‍රමය එයට ද භාවිත කර ඇත.

    අදාළ සිද්ධිය හා සම්බන්ධ සම්පත් නමින් හඳුන්වන දේවාල සම්පත් නොහොත් බෝතලාවේ සම්පත් රටේ විවිධ වංචනික ක්‍රියා සිදුකළ අයෙකු බවට තොරතුරු තිබේ. ශ්‍රී ලංකාවේ රජයේ රැකියා, විදේශ රැකියා වංචා , නිධන් ගොඩ දැමීමේ මුවාවෙන් කරනු ලැබූ මුදල් වංචා වැනි විවිධ චෝදනා තිබී ඇති අතර කිහිපවරක්ම සිරගතව ද තිබේ.

    ගංවතුරේ වාහනය පැදගෙන යාම නිසා කාර්මික දෝෂයකට ලක් වූ වෑන් රථය ගරාජයකට දමා මාස 06ක් ගත වුවත් චාමිකගේ හොඳම යාළුවා මුදල් ලබා නොදී ඇත.දේවාලේ සම්පත් මුලින් සඳහන් කර තිබෙන්නේ වෑන් රථය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ලක්ෂ දෙකක මුදලක් ලබා දෙන බවය.වරින් වර එම මුදල් ඉල්ලීම දේවාලේ සම්පත්ට කරදරයක්ව තිබී ඇත.

    පසුව දේවාලේ සම්පත් සමන්ට තර්ජනය කර තිබෙන්නේ “පුළුවන්නම් ගනින්. සත පහක්වත් දෙන්නෙ නෑ. ” ලෙසයි.ඔහු තර්ජනය කර ප්‍රදේශයේ චන්ඩියෙක් ලෙස ප්‍රචලිත දනුෂ් නුවන්ත නොහොත් කළුවා යන අය ලවා ද තර්ජනය කර තිබේ. ඒ මුදල් ලබා නොදෙන බවටත් මරණ බවටත් තර්ජනය කරමිනි.

    ලක්ෂ දෙකක මුදලක් වෙනුවෙන් තම හොඳම යාළුවෙකුට සහ හිතවතෙකුට මරණීය තර්ජන එල්ල කිරීමට තරම් වර්තමාන සමාජයේ පිරිහුණු බිඳ වැටීම්  පිළිබඳ අප භීතියට පත් විය යුතුය.

    ඒ මෙම කලාව අවසන් වීම බොහෝ විට සිදු වනු ඇත්තේ දයාව මියගොස් සිටින සහ සිපිරි ගෙදරට ගිය අයට අමතරව චාමික ඇතුළු කිහිප දෙනෙකුගේ මරණවලින් සහ තවත් කොටසක් ජීවිතාන්තය දක්වා සිරගත වීමෙනි.

    පසු දිනයක අවස්ථාවකදී දේවාල සම්පත් සමඟ කුම්බදුවේ කළුවා සමන්තගේ නිවසට පැමිණෙන්නේ සමන්ට පහර දීමටය. එහිදී සමන්ගේ සහ චාමිකගේ තවත් හිතවතෙකු වන චමිල එක්ව සම්පත්ට සහ කළුවාට පහර දෙයි. ඒ දුරකථනයෙන් තර්ජනය කොට එතනින්ද නොනැවතී, නිවසටම පැමිණ තර්ජනය කිරීම් තවදුරටත් ඉවසා දරාගෙන සිටිය නොහැකි වටාපිටාවක් තුළයි. එහිදී සමන්ගේ නිවසට පැමිණ තර්ජනය කොට කළුවා සහ දේවාල සම්පත් සහ තවත් පුද්ගලයකු පිටවී ගිය පසු ඔවුන් සිටි ස්ථානයට ගොස් සිද්ධියට විරුද්ධව ප්‍රතිචාර දැක්වීමට සමන් සහ චමිල කටයුතු කරන්නේ මෙම අසාධාරණය සහ තර්ජනය තුළ ඇති වූ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙසයි. එහිදී මෙතෙක් කල් කෙරුම්කාරකම් කරමින් අදාළ ප්‍රදේශයේම භීතිය වපුරවා තිබූ, මොනදේ කළත් කිසිවෙකු කිසිවක් නොකියන පාතාලයේ කළුවාට සිදු වන්නේ පහර දීමට පැමිණ පහර කෑමට ලක්වීමටයි.

    ඉන් හරියටම මාස තුනකට පමණ පසු චාමිකගේ මිතුරන් වන සමන් කුමාර පිටිගලගේ සහ චමිල සුරේන්ද්‍ර ජයසිංහ යන දෙදෙනාගේම නිවෙස් වලට යන්නේ කළුවා සමඟ පැමිණි කිහිප දෙනෙකි. එහිදී තර්ජනය කර නැවත ගොස් තිබේ. එම යන අවස්ථාවේදී  පාතාල මැරයන් හා  සමන් සහ චමිල යන දෙදෙනාට සහ ඔවුන්ගේ මිතුරන් කිහිප දෙනෙකුට මුහුණට මුහුණ හමුවී තිබේ. කිසිම පුද්ගලයෙක්ගෙන් ගුටි නොකා නමක් තබාගෙන සිටි ‘කළුවා’ සහ ඔහුගේ හිතවත් පිරිස සමන් සහ චමිලට පහර දීමට පැමිණ දෙවන වරට ද දරුණු ප්‍රහාරයකට ලක් වන්නේ එම අවස්ථාවේදීය. එහිදී චාමිකගේ යහළුවන් දෙදෙනෙකුට ද කැපුම් තුවාල ඇති වන්නේ කළුවාගේ පාර්ශවයෙනි.

    සිද්ධිය සැලවීමත් සමඟ තමන් සමඟ එකට සිටි මිතුරන් දෙදෙනා දමා නිවසට යාමට නොහැකි වූ චාමික වහාම අදාළ ස්ථානයට ගොස් තිබුණි.  යන විටත් මෙම පිරිස දරුණු ආරවුලකය. චාමික මැදිහත් වී තම යහළුවන් පාලනය කර තිබේ. නමුත් ඒ වන විටත් කළුවා ඇතුළු පිරිස සහ අනෙක් පාර්ශවයේ සටන අවසන් වී තිබුණි. කෙසේ නමුත් එම අවස්ථාවේදී ද සිද්ධිය අවසන් වී තිබුණේ මේ සඳහා චාමික පවා ප්‍රහාරයට පැමිණි බවත්, ඔහු කළු ගලක් කළුවාට අතහැර යකඩ පොල්ලකින් පවා පහර දුන් බවටත් රෝහල් පොලිස් කටඋත්තර ලබා දෙමිනි.

    ඉන් අනතුරුව හරියටම මාස තුනක් ගතවන මොහොතේ අදාළ ප්‍රදේශයේ ඩිස්පෙන්සරියකින් තම තුවාලයකට බෙහෙත් දැමීමට පැමිණ සිටි සමන්ව ඉතාම දරුණු ලෙස කපා කොටා ඝාතනය කිරීමට කළුවා ඇතුළු පිරිසක් කටයුතු කොට තිබුණි. එදිනම සිද්ධිය වීමට පෙර දවල් වරුවේ දේවාල සම්පත් අදාළ ඝාතනයට ලක්වූ සමන්ගේ නිවසටම ගොස් සමන්ගේ පියාට තර්ජනය කොට ඇත්තේ “අද උඹේ පුතාව මරණවා, පුළුවන්නම් බේරෙන්න කියපන්.”  කියාය. ඒ පිළිබඳ සමන්ගේ පියා පොලිස් කටඋත්තරයකට පවා ලබාදී තිබේ.

    සිය වාහනය එපා කියද්දී ගංවතුරේ දමා, කාර්මික දෝෂයකට ලක්වී, එය සාදා දෙන්නම් ලක්ෂ දෙකක් දෙන්නම් කියා, අවසානයේදී එම මුදල්ද නොලැබී, ණය වී වෑන් රථයද සාදා, අවසානයේදී වාහනයත් මුදලුත් නොමැතිව අසාධාරණයට ලක්වූ සමන් දිගින් දිගටම තර්ජනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූයේ ජීවිතයෙන් ද වන්දි ගෙවීමටයි. මෙම සිද්ධිය මුල සිටම රටේ ආරක්ෂක අංශ කිහිපයකට තොරතුරු ලැබී තිබුණද ඔවුන්ට පවා පාලනය කරගැනීමට නොහැකිව තිබුණේ අදාළ කල්ලියේ තිබෙනා බලපුළුවන්කාරකම නිසා සහ රටේ පාතාල සිද්ධීන් නතර කිරීමට ආරක්ෂක අංශවලට ඇති නොහැකියාව නිසාවෙන් බව පෙනී යන අවාසනාවන්තම කාරණාවය. පාතාල සිද්ධීන් අවසන් කිරීමට ගිනි අවියෙන් නොහැකි බව ද බලුම්ගල වැඩසටහන් මඟින්ම පෙන්වා දීමට චාමික කටයුතු කළේය.

    මනුසත්කම, ආගම දහම හෝ තමන් මෙලොවට ඉපදුනේ ඇයි ද ? යන්න නොදත් ඒත් පුද්ගලයකුගේ හිතුවක්කාරකම කළුවා ඇතුළු කිහිප දෙනෙකුම මෙම ඝාතනයේ සැකකරුවන් ලෙස බන්ධනාගාරයට ගියේය. ඔවුන් බන්ධනාගාරයට යන්නේ ද මෙරට නීතියට අනුවය. නමුත් එවැනි පුද්ගලයන් රටට බිහි වීම වැළැක්වීම උදෙසා ක්‍රමයක් නැතිවිමට ද වගකිව යුත්තේ පාලකයන් බිහිකිරිම උදෙසා ඡන්දය දුන්නන් මෙරට පුරවසියන්මය.

    එවන් අවස්ථාවකදී චාමිකගේ වටාපිටාව අනතුරට ලක් වන්නේ ඔහුගේ නිවසට නන්නාදුනන වාහනවලින් නොහඳුනන පුද්ගලයන් සොයා එම, විස්තර අසා කළුවාගේ හිතවත් පාර්ශවකරුවන් දුරකථන ඇමතුම් ලබාදීම, ව්‍යාජ තොරතුරු සමාජගත කිරීම හරහා චාමිකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම වෘත්තීයමය ජීවිතය ද බිලිගැනීමට කළුවාගේ පාර්ශවය කටයුතු කිරීමට උත්සාහයක් දරන බව ලැබෙන තොරතුරු මත මනාව පැහැදිලි වේ.

    මෙම ආරවුල නිසා ප්‍රදේශයේ ආරක්ෂාව යළිත් වරක් අනතුරකට වැටෙන බව තේරුම් ගෙන සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් නෙත් FM බැලුම්ගල චාමික කටයුතු කර තිබේ. අද වනවිට ඔහු පසුපස මරණ වරෙන්තුව වැටෙන්නේ එම මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් කළුවාගේ කල්ලිය එය වරදවා වටහාගෙන තිබේ. මෙම ආරවුල පාලනය කර ප්‍රදේශයේ මෙම කණ්ඩායම් අතර ආරවුල් ඇති විට වළක්වා ගැනීම සඳහා චාමික සිය මිතුරන්ට ද නොකියා සූක්ෂම ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බවත් , යම්විට ඒවා කළුවාගේ පාර්ශවයට ඉව වැටීම නිසා මෙම මරණ තර්ජනය චාමික දෙසට හැරීම දක්වා යාම සිදුවන බවටත් සැක මතු වේ. චාමික සහ ඔහුගේ ජීවත්ව සිටින අනෙක් යාළුවා වන චමිල සුරේන්ද්‍ර ජයසිංහව මරා දමන බවට ද තර්ජනය දුරදිග යන්නේ සමන්ව මරා දමා පලා යන අවස්ථාවේ “ඔන්න එක චණ්ඩියෙක් ඉවරයි, තව දෙකක් ඉන්නවා, ඒ දෙකටත් ගහනවා, තනි කරල මරණවා, පුළුවන්නම් බේරෙන්න කියපන්” යනුවෙන් වහසි බස් දොඩා තර්ජනය කොට කෑ ගසා ඇති බැවිනි. එම දෙදෙනා අන් කවරෙක්වත් නොව චාමික සහ චමිල බව ඉතා පැහැදිලිය.

    මෙම සිද්ධියට අනුව කළුවා උදව් කර තිබෙන්නේ යම් මුදලක් ලබා නොදී වංචනිකව කටයුතු කොට මග හරිනා පුද්ගලයෙකුටය. නමුත් චාමික සහ චමිල බේරාගැනීමට උත්සාහ දරා ඇත්තේ අසාධාරණයට ලක්වූ සිය මිතුරෙකුවය. එහෙත් එහි අවසානය දැන් තිබෙන්නේ තමන් ද මරණීය තර්ජනයකට ලක්වී දැවැන්ත අපරාධ රැල්ලකට කොටුවීමේ අවධානමත් සමඟය.

    අදාළ සිද්ධියේදී අවසාන වශයෙන් කීමට ඇත්තේ මෙවන් තත්ත්වයක් තුළ ජීවිත තර්ජනයට ලක්ව සිටින රට වෙනුවෙන් දිවිහිමියෙන් කැපවී සිටින, ගවේශනාත්මක මාධ්‍යවේදය සඳහා (රේඩියෝ) එකම ජනාධිපති සම්මාන ලාභියා වන නෙත් FM බැලුම්ගල චාමික රැක ගැනීම සහ කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොමැතිව සිය මිතුරාට වන අසාධාරණයට විරුද්ධව ඉදිරිපත්වූ මිතුරන් වන මිනිසුන් රැක ගැනීම රටේ වගකිව යුත්තන්ට සහ ආරක්ෂක අංශවලට භාර වගකීමක් බව වගකීමෙන් කිව යුතුව ඇත. කෙසේවෙතත් මෙම සිද්ධිය කිසිදු ආරක්ෂක අංශයකට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පෙනී යන්නේ ආරක්ෂක අංශවල නොහැකියාව ද? නොසැලකිල්ල ද? කළුවාගේ පාර්ශවයේ හැකියාව ද? සැලකිල්ල ද? එසේත් නොමැතිනම් කුමක් ද යන්නයි.

    එබැවින් දැන්වත් කළ යුත්තේ  නව යහපත් පරපුරක් බිහිකිරීම උදෙසා අවශ්‍ය ප්‍රතිපත්තීන් සැකසීමට කටයුතු කිරීමය. එය එසේ නොකරනා තාක් කල් පාතාලය හෝ, මත්ද්‍රව්‍ය හෝ පීඩිත මිනිසුන් මෙරටින් තුරන් නොවනු ඇත.

     (ලේඛන මත ලිපිය සකසා තිබේ.)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version