පොලිස් සිර මැදිරිය තුළ දී සිය බිරිඳගේ අනියම් සැමියාගේ ගෙල කපා බරපතළ තුවාල සිදු කළ පුද්ගලයෙකු පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
කාන්තාව විසින් සිය අනියම් සැමියා සමඟ පැල්මඩුල්ල නගරයේ කලහකාරීව හැසිරෙමින් සිටියදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති අතර පසුව පොලිස් ස්ථානයට පැමිණි කාන්තාවගේ සැමියා ඇයට ඇප ලබාගෙන පොලීසියෙන් පිටව යන අවස්ථාවේදී ඇයට පොලීසිය තුළ පහරදීමක් සිදුකර තිබේ .එම පහර දීමේ වරදට පොලිස් නිලධාරීන් විසින් සැමියා අත්අඩංගුවට ගෙන සිර මැදිරියට ඇතුළු කිරීමට පෙර පරික්ෂා කිරීමක නිරත වෙමින් සිටියදී සැකකාර සැමියා විසින් සඟවාගෙන සිටි පිහියක් රැගෙන සිරමැදිරිය තුළට පැන එහි සිටි අනියම් සැමියාගේ ගෙලට පිහි පහර එල්ල කර තිබේ.
තුවාල ලැබූ අනියම් සැමියා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පැල්මඩුල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.














































