පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු සතු යතුරු පැදිය හා ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකාගෙන පලාගොස් ඇති බව වාර්තා වේ.
කඳාන පොලිසිය පවසන්නේ කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල් 3,50,000 වන බවයි.
ජාඇල ප්‍රදේශයේ පදිංචි වාහන පින්තාරු කිරීමේ නිරතව සිටින 28 හැවිරිදි අයෙකු විසින් මේ බව පොලීසියට පැමිණිලි කර ඇත.














































