වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන තිබූ අතර ක්‍රියාකාරී සැලසුම් ලබා දී නොමැති , දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කැඳවීම්වලට සහභාගී නොවන සංවිධානවල ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ජාතික ලේකම් කර්‍යාලය වෙත දන්වා යැවීමට තීරණය කර ඇතැයි ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධානවලට රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.