අකුරැස්ස අමලගොඩ ප්‍රදේශයේ ඩිපෝව අළුත්වැඩියා කිරීමට රැගෙන එන බස්වලින් සූක්ෂම ලෙස ඉන්ධන සොරකම් කළ නිලධාරියෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඩිපෝවේ අධිකාරිවරයා කළ පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශණ කටයුතු සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඩිපෝවේ විදුලි කාර්මික ශිල්පියෙකු වන වයස අවුරුදු 49ක විල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අකුරැස්ස පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































