මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (28) රාගම පොලිස් වසමේ තේවත්ත පල්ලිය අසලදී නොරොච්චෝල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි සේතපොළ, මාම්රිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පසුගිය 26 වනදා නොරොච්චෝලය, සේතපොළ කලපුව අසල නළලේ සහ වම් අතෙහි කැපුම් තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබුණි. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝලය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුව අද (29) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු නොරෝච්චෝලය පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































