යාපනය චාවකච්චේරි පොලිස් වසමේ මීසාලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඉතා සූක්ෂමව වැලි ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක දැව ප්‍රවාහනය කරන ලද ටිපර් රථයක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වැලි ටිපර් රථය කනගරායන් කුලම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා ධාවනය වී ඇති අතර මීසාලෙයි ප්‍රදේශයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයකදී මෙම ටිපර් රථය පොලීස් නිලධාරීන් නවතා තිබේ.
පසුව වැලිටිපර් රථය පිළිබඳව සැක පහළ වී සිදුකරන ලද සෝදිසියකදී වැලි වලට යටින් තේක්ක දැව ඇති බවට අනාවරණය වීමෙන් පසුව ටිපර් රථය සමගින් එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබූ බව සදහන්.














































