ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එම කමිටුවේ සාකච්ඡා වීමට නියමිත වූ දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ කරුණු සාකච්ඡා කිරීම පිණිස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ( විශේෂයෙන්ම ගමනාගමන උප දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ) පැමිණිමට දන්වා තිබුණ නමුත් ගම්පහ ප්‍රාදේශීය ඉංජිනේරු අංශයේ නිලධාරියකු පමණක් පැමිණ සිටි බව වාර්තා වේ.
ඒ හේතුවෙන් එය සංවර්ධන කමිටුවේ දෝෂදර්ශනයට ලක්වූ බව සදහන් වේ.
සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන , නාගරික හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග , රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ගම්පහ දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් මේ සදහා පැමිණ සිටි අතර අදාළ නිලධාරීයකු නොපැමිණීම හේතු විමසූ අවස්ථාවේ පැමිණ සිටි දුම්රිය නිලධාරියා කියා සිටියේ උප දෙපාර්තමේන්තුව ප්‍රධානියකු පැමිණිමට සිටියත් පැමිණීමට නොහැකි බවට දන්වා ඇති බවයි.
එම ප්‍රකාශයට විරෝධය පළ කළ සැලසුම් නිලධාරීනිය ප්‍රකාශ කළේ එය සාවද්‍ය බවත් , එසේ දැනුම් දීමක් කර නොමැති බවත් ය.














































