‘අස්වැසුම’ සම්බන්ධයෙන් සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදුකළ හැකි බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව එම අංකය ඔස්සේ සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සියලු විමසීම් සිදුකළ හැකි බව සදහන්.