වැලිකඩ පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මියගිය රාජකුමාරී නැමැති මෙහෙකාර කාන්තාවගේ මියයාමේ සිද්ධියට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් එම පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයා සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කර ඇති බව වාර්තා වේ.