මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහළ බැසීමත් සමඟ එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇති බව වාර්තා වේ .
මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී පැරණි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහළ බැසීමත් සමඟ එසේ යටවු බුදු පිළිම වහන්සේ, හිංදු කෝවිල ඇතුළු පැරණි මස්කෙළිය නගරයේ නටබුන් මෙසේ මතුව තිබේ.














































