වතු යායකට ඇතුළු වී ටර්පන්ටයින් ගස් කපා හොර රහසේ රැගෙන ගිය පොලිස් සැරයන්වරයෙකු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඩයගම පොලිස් ස්ථානයට අනුයුක්තව නුවරඑළිය පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකි.
පසුගිය 22 වැනිදා හැටන් පොලිස් වසමේ වතුයායකට ඇතුළු වී එහි සහකාර ක්ෂේත්‍ර නිලධාරියාට පහරදී තුවාල සිදු කිරීමේ චෝදනාවක් ද මෙම සැරයන්වරයාට එල්ල වී තිබෙන බව සදහන්.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශණ කටයුතු හැටන් පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































