බත්තරමුල්ල දකුණු තලංගම කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුව වෙත පලා ගිය සැකකරුවෙකු නැවත ගෙන්වාගෙන කටුනායක ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඉකුත් 25 වන දින යතුරු පැදියකින් ගොස් පොලී මුදල් ලබා දෙන්නෙකු වන ජානක පුෂ්පකුමාර නැමැති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
වාර්තා වන ආකාරයට අදාළ සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පලා යන බවට ලැබුණු තොරතුරක් මත ගුවන් යානය පිටව යන අවස්ථාවේදීම සැකකරුට විදෙස් ගමන් තහනමක් ලබා ගෙන සිංගප්පූරුවට ගොඩ බැස සිටියදී යළි ආපසු හරවා එවා ලංකාවට පැමිණි පසු ගුවන් තොටුපලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව අතුරැගිරිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අතුරැගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.