කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවයි.
එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.














































