ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 35.00 කින් ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවෙතැයි ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ඩීසල් මිල ඉහළ යාමෙන් සිදුවන බලපෑම බස් ගාස්තු ගණනය කිරීමේ සූත්‍රයට ආදේශ කිරීමේ දී එහි බලපෑම 4% කින් වැඩි වන්නේ නම් බස් ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවත් , ඒ සම්බන්ධයෙන් අද (01) පස්වරුවේ දැනුම් දීමට නියමිත බවත් ය.














































