ඊයේ (31) දින දහවල් කාලයේදී ගම්පහ පොලිස් වසමේ නැදගමුව ප්‍රදේශයේදී මුහුදු තල්මසුන්ගේ කොටස් ලෙස සැලකෙන ඇම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවන් සන්තකයේ තිබී කිලෝ 01 ග්‍රෑම් 164ක් බරැති ඇම්බර් කොටසක්,ග්‍රෑම් 812ක් බරැති ඇම්බර් කොටසක් සහ ග්‍රෑම් 670ක් බරැති ඇම්බර් කොටසක් සොයාගෙන ඇති බව සදහන්.
මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ ගම්පහ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29 හා 48 වයස්වල පසුවන කොටුගොඩ හා කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (01) දින ගම්පහ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































