ගල්කිස්ස හා මොරටුව පොලිස් ස්ථාන වෙත වාර්තා වූ යතුරුපැදි සොරකම් කිහිපයක් සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් විමර්ශන සිදු කර යතුරුපැදි සොරකම් සිදුකළ සැකකරුවෙකු සහ මෙම අපරාධවලට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරුවන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද යතුරුපැදි 05ක් සොයා ගෙන ඇති බව සදහන්.
සැකකරුවන් හා නඩු භාණ්ඩ ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරුවන් අද (01) දින ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














































