දකුණු අප්‍රිකාවේ ‘ලිම්පෝපෝ’ ප්‍රාන්තයේ දී පොලීසිය හා කොල්ලකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් කොල්ලකරුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මුදල් සහිත ට්‍රක් රථයක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරුවන් සූදානම්ව සිට ඇති බවත් , එය මර්දනය කිරීම සඳහා පොලීසිය දැරූ උත්සාහයේ දී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවත් සඳහන්.
විනාඩි 90ක පමණ කාලයක් පුරාවට පැවති මෙම වෙඩි හුවමාරුවේ දී එක් පොලිස් නිලධාරියෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවත් , සැකකරුවන් පිළිබඳ දින ගණනාවක සිට පොලීසිය හා එරට බුද්ධි අංශ අවධානයෙන් පසු වී ඇති බවත් , පොලීසිය විසින් සැකකරුවන් සිටින ස්ථානයට ගිය විගසම මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
වෙඩි හුවමාරුවෙන් පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙන අතර මෙම කොල්ලකරුවන් එරට වෙනත් ස්ථානවල සිදුවූ කොල්ලකෑම් සඳහා ද වගකිව යුතු බවට සැක පළ කරන බව එරට ජාතික පොලිස් කොමසාරිස් ‘ෆැනී මැසෙමෝලා’ ප්‍රකාශ කර තිබේ.