මිනුවන්ගොඩ – ජාඇල මාර්ගයේ අඹගහවත්ත ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් මව සහ පුතු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට මොවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය , ඊට ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථය පසුකර යාමට උත්සාහ කළ අවස්ථාවේදී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ඉදිරියෙන් පැමිණි වෑන් රථයේ ගැටී මොවුන් දෙදෙනා පිටතට විසි වී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසු වූ මව සහ 15 හැවිරිදි වියේ පසු වූ පුත්‍රයායි.














































