දෙදින නිල සංචාරයක් සඳහා අද මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා සිය සංචාරය කල් දමා ඇති බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංග් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.















































