නීතිවිරෝධී ගබ්සා පෙති ජාවාරමේ නියැලුණු කාන්තාවක් අනුරාධපුර විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ඒකකයට ලද තොරතුරක් මත මෙම කාන්තාව අනුරාධපුර ,යහපත හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
උපාය දූතයෙකු යොදවා ගබ්සා පෙති 07ක් රුපියල් 35000 මුදලකට මෙම කාන්තාවගෙන් මිලදී ගන්නා මුවාවෙන් සිදු කළ මෙහෙයුමකදී ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු මෙම කාන්තාව අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු ළග සේවය කරන තැනැත්තියකි.
සැකකාරිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (01) දින ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50000ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.














































