හෝමාගම මීගොඩ නඩුහේන, රන්දිය උයන සහ කරල් අමුහේන යන ප්‍රදේශ යා කෙරෙන මාර්ගයක් කණු සිටුවා කම්බි වැටක් ඇද වසාදමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා නඟන බව වාර්තා වේ.
හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් මෙම කටයුතු සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් පවසති.
ඔවුන් පවසන්නේ වසර 60ක පමණ කාලයක සිට තමන් මෙම මාර්ගය භාවිත කළ බවයි.
නමුත් මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිඳු ලේඛනයක සඳහනක් නොමැති බවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පවසති.














































